
සාමාන්‍යයෙන් අප එදිනෙදා පරිගණකය පරිශීලනය කිරීමේදී වීඩියෝ ෆයිල් සුලබ දසුනක්. ඉතින් එම වීඩියෝ ෆයිල් ස්මාර්ට් ෆෝන් එකට දාගන්න, වීඩියෝව සංස්කරණ කටයුතු කිරීමට කන්වර්ටර් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. අන්තර්ජාලය මගින් අපට වීඩියෝ කන්වර්ටර් සුලබව ලබාගත හැකි වුවත් මෙම මෘදුකාංගය නොමිලේ ලබාදෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ නොමිලේ ලබාදෙන විශේෂ අවස්ථාවේ ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ. ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම WinX HD Video Converter Deluxe මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කටයුතු කරගන්න පුළුවන්. දැනට ඇති සුපිරිම වීඩියෝ කොලටිය ඇති 1080p multi-track high definition videos ද සහාය දක්වනවා. අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරන Digiarty සමාගම අවුරුදු 11ක් පිරීම නිමිත්තෙනුයි මෙම මෘදුකාංගය නොමිලේ ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.

![]() |
Web Site |
![]() |
MAC |
![]() |
WINDOWS |