Cyber Attack for Computers-In 99 countries - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

Cyber Attack for Computers-In 99 countries

Share This
සයිබර්ප්‍රහාරය බලපෑම
ශ්‍රී ලංකාවට මෙතෙක්-බලපෑමක්-නැහැ
ඇතිවු සයිබර් ප්‍රහාරයෙන් රටවල් 99 පරිඝණකවලට බලපෑම් එල්ලවෙලා තියෙනවා.
මෙම සයිබර් ප්‍රහාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් සංවර්ධනය කළ වෛරසයක් උපයෝගී කරගෙන ඇති බවයි තොරතුරු ලැබුනේ.අදාළ වෛරස් උපාංග පසුගිය අප්‍රේල් මාසයේදී හැකර්වරුන් පිරිසක් සොරාගෙන ඇති අතර, පසුව අන්තර්ජාලයට එක් කර තිබුණා.ඉන් රැකවරණය ලැබීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය ආරක්ෂිත උපක්‍රම හඳුන්වා දී තිබූ නමුදු බොහෝ පරිඝනක ඒ සඳහා යාවත් කාලීන කර නැහැ.මේ නිසා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ස්පාඤ්ඤ, ඉතාලිය සහ තායිවානය ආදී රටවල් 99 ක පරිගණක පද්ධතිවල ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති බව සඳහන්වේ.මෙම සයිබර් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ රැන්සම්වෙයා ලෙස හැදින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදයයි.ඊයේ මෙම සයිබර් ප්‍රහාරය නිසා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ පරිඝනක පද්ධතිය ද මුළුමනින්ම පාහේ අක්‍රිය වුණා.කෙසේ වෙතත්, රැන්සම්වෙයා පරිගණක වෛරස් ප්‍රහාරයෙන් මෙරට පරිගණක පද්ධතිවලට බලපෑම් ඇති වූ බවට මෙතෙක් වාර්තා ලැබී නැතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ වෙසක් නිවාඩුව යෙදී තිබූ පසුගිය දින කිහිපය තුළ මෙරට රාජ්‍ය අංශයේ පරිඝනක පද්ධතීන් විශාල වශයෙන් භාවිත නොවූනා කියායි.එමෙන්ම, අදාළ සයිබර් ප්‍රහාරයේ අවදානම හේතුවෙන් ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින ලෙස ද පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබා දී ඇත.

Post Bottom Ad

Responsive Ads Here

Pages