To protect yourself against the virus here is what to do. - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

To protect yourself against the virus here is what to do.

Share This

Cyber -වෛරසයෙන් ආරක්ෂා වෙන්න නම් මෙන්න 

ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කර තබාගත යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරන ලදි.
ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා රටවල් 150කට අධික ප්‍රමාණයක පැතිරුණු මෙම පරිගණක වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව ඇතුළු රටවල පරිගණක භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. වෙනත් පරිගණක වෛරස මෙන් නොව මෙම සයිබර් ප්‍රහාරය හරහා පරිගණක භාවිත කරන්නන්ගෙන් කප්පම් ඉල්ලීමක් ද සිදුවන බවද පැවැසෙන අතර මෙම වෛරසය ශ්‍රී ලංකාවේ පරිගණකයකට මෙතෙක් ඇතුළුවී ඇතැයි වාර්තා නොවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවැසීය.

එසේම මෙම වෛරසයෙන් බේරීම සඳහා නොදන්නා ඊමේල් පණිවිඩ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් නිරන්තරයෙන් තම පරිගණකවල ප්‍රති වෛරස් මෘදුකාංග (Anti virus software) යාවත්කාලීන (Update) කර තබාගැනීම සුදුසු බවද ඒ මහතා සඳහන් කලේය. විශේෂයෙන්ම තමන්ගේ පරිගණකවල ඇති දත්ත පිටතින් ගබඩා කර තබා ගත හැකි උපකරණයක වෙනම ගබඩාකොට තබාගැනීම යෝග්‍ය බවත් එවැනි උපකරණ පරිගණකයට සම්බන්ධ නොකර වෙනම ගබඩා කර තැබීමෙන් මෙම වෛරසයට ගොදුරුවීමෙන් වැළකිය හැකි බවත් චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙන ලදි

Post Bottom Ad

Responsive Ads Here

Pages