
ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ උපාංගයන් පිළිබඳව තාක්ෂණික තොරතුරු සමුළුව WWDC 2017 ඊයේ දිනයේ ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වුනා. මෙහිදී කාගේත් වැඩි අවධානය දිනාගනු ලැබුවේ. ඇපල් නවතම iOS 11 සංස්කරණය නිකුත් කිරීමයි. ඇපල් අයිෆෝන් අතුරු මුහුණත ඉතාමත් ආකර්ශනීය ලෙස පරිශීලකයාගේ පහසුව වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවා. බලන්න අයිෆෝන් එකකට iOS 11 දැමූ පසු පෙනෙන ආකාරය දැක්වෙන screenshot කිහිපයක්.

මෙම නවතම iOS 11 සංස්කරණය දැනට iOS ඇපල්Apps Developer වරු ලෙස Register වෙලා තියෙන අයට Beta Version එකක් ලෙස දාගන්න පුළුවන්. නොබෝ දිනකින් ඇපල් user ලාට iOS 11 updateගොනුව ලබාදෙයි. පහත ඇපල් උපාංග සඳහා මෙම iOS 11 සහාය දක්වනවා.
iPhone
- iPhone 7
- iPhone 7 Plus
- iPhone 6s
- iPhone 6s Plus
- iPhone 6
- iPhone 6 Plus
- iPhone SE
- iPhone 5s
- 12.9-inch iPad Pro 2nd generation
- 12.9-inch iPad Pro 1st generation
- 10.5-inch iPad Pro
- 9.7-inch iPad Pro
- iPad Air 2
- iPad Air
- iPad 5th generation
- iPad mini 4
- iPad mini 3
- iPad mini 2
- iPod touch 6th generation
ලෙස iOS 11 හි ඇතුලත් වැඩකෑලි 11 ක් Everything Apple Pro යූටියුබ් නාලිකාව හදුන්වාදුන් අයුරු.
තවම මෙය Beta සංකරණයක් බැවින් ඔබගේ අයිෆොන් එකට, ටැබ් එකට දැන්ම අප්ඩේට් කරන්න එපා ( Update කරන්න කියලා Notification ආවත් ) . ඒකට හේතුව මෙහි ඇති Bug වලින් අයිෆෝන් එක රත්වීම, ඉක්මනින් බැටරිය බැසීම, හිරවීම, Network Signal නොමැතිවීම, සමහර ඇප්ස් ඉන්ස්ටෝල් නොවීම වැනි දෑ සිදුවිය හැකි වීමයි. එමනිසා iOS 11.1සංස්කරණයවත් පැමිණෙනකන් ඉවසීමෙන් සිටිම වටිනවා. ඒවගේම මෙම කාරණා විමසා බලා දැනුවත්ව හෝ නොදැනුවත්ව iOS 11 දාපු උපාංග වලට බලපෑම් නැතිනම් ඔබගේ අදහස් පහතින් දාන්න.ජනප්‍රිය iOS 11 wallpaper එක පහතින් පිවිස බාගන්න.