තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයේදී ඇති වන නෛතික ගැටලු
පරිගණක තාක්ෂණය අද මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී තිබේ. ඒ නිසාම නොයෙකුත් පුද්ගලයන් විසින් නානාවිධ ක්‍රම උපයෝගි කොටගෙන පරිගණක දත්ත සොරා ගැනීම මෙම නවීන තාක්ෂණයටද විශාල අභියෝගයක් වී හමාරය.
දත්තවලට ඇතුළුවන දත්ත සොරුන් දත්ත සොරා ගැනීමට දත්ත වෙනස් කිරීම මෙන්ම දත්ත විනාශ කර දැමීමද සිදුකෙරේ. නොයෙකුත් අයථා උපක්‍රම භාවිතා කරමින් දේශීය හා ජාත්‍යන්තරව කෙරෙන ව්‍යාපාර හා බැංකු ගිණුම්හි දත්ත පවා වෙනස්කොට ඔවුන්ගේ ගිණුම්වලට ලබාගැනීමද මෙමගින් සිදුකෙරෙන බව අනාවරණය වී තිබේ.

මේ හා සම්බන්ධ පැමිණිලි විශාල වශයෙන් ජාත්‍යන්තර පොලිසියට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියටද ලැබෙමින් පවතී. දිනෙන් දින උග්‍රවන මෙම ජාවාරම නිසා රටේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් මහජන ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.